විදුහල්පති පණිවිඩය

21 වන සියවස ය නවීන තාක්යෙෂණන් පිරි සමාජ වටපිටාවක් සහිත කාල වකවානුවකි.මුලු විශ්වයම එකම තැනකට ක්ෂණයකින් ලගාවිය හැකි අදි තාක්ෂණික මෙවලම් මේ වන විට
නිර්මාණය වී හමාරයි .විවිධ අය නවීන තාක්ණෂය පිළීබද කුමන මත දැරුවද ලෝකේ නව ප්‍රවණතාව ගොඩනැගී ඇත්තේ උක්ත වටපිටාවක් සමගය.
මේ වනවිටත් නවීන තාක්ෂණය පිළීබඳව නිසි අවබෝධයක් ඇති පුද්ගලයාට ලොව ඇති බොහෝ දෑ ඉතා කෙටි කලකින් තමා වෙත ලගා කරගැනීමේ හැකියාව ඇත.විශේශයෙන්ම දැනුම සොයන සියලු දෙනාට අවශ්‍ය දැනුම මේ වනවිටත් අන්තර්ජාලය පුරාවට ගොනු වී හමාරය.අවශ්‍යව අත්තේ එය ලගා කර වීමට අවැසි දැනුමයි.
එම දැනුම සොයා යන පාසල් දරුවනට තම අවශ්‍යතා සපුරාගැනීමේදී පාසල් මට්ටමින් ඉටු කරනු ලබන මෙම වැඩසටහන ඉතාම කාලෝචිත වැඩසටහනක් බව සදහන් කල යුතුව ඇත.මෙම විද්‍යාලයේ මෙම විශය භාරව කටයුතු කරනු ලබන ගුරුතුමියන් විශය හදාරන දරුවනුත් ඉතා උනන්දුවෙන් මෙම වැඩ සටහනට සම්භන්ද වීම සතුටට කාරණයකි. අන්තර්ජාලය පිලිබද මනා අවබෝධයකින් යුතුව භාවිතා කිරීම අප සතු වගකීමකී.
එබැවින් මෙම විශය භාරව කටයුතු කරන ගුරුතුමියටත් මෙම කර්‍ය සදහා කලාපයේ පළාත් අමාත්‍යාන්ශ මට්ටමින් දායකත්වය සැපයූ හැම්දනාට සහශින්ශන ගෙන අතර සියලු දරුවන්ගේ අනාගතයට මම සුභ ප්‍රාර්තනා කරමී.