ගුණ නැණින් පිරිපුන් දීප්තිමත් සිසුකැලක් බිහි කරන කඳුකරයේ අගරාජිණියක්ව වැජඹෙන බ/ උඩගම බටහිර මහා විද්‍යාලයේ උපත සිදු වූ යේ 1935 ජුනි මස පළමුවනදාය.
එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ ගරු ඩී.එච් කොතලාවල මහතාණන් විසින් තම ධනය වැයකර මානම් සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකර මෙම පාසල ආරම්භ කරන ලදී
පුරෝගාමිත්වය
උඩගම ශ්‍රී ඛෙත්තාරාමා විහාරාධිකාරී ගරු සෝභිත සවාමින්වහන්සේ
උඩගම විවාහ උප්පැන්න මරණ ලියාපදිංචි කිරීමේ නිලධාරි ආර්. එම් කිරිබණ්ඩාර මහත්මා
උල්පැන් අරාවේ හිටපු ගම්පති යූ.ඩී.එම් කිරිබණ්ඩාර මහත්මා
ගලකුඔුර හිටපු ගම්පති එච්.එම් මුදලිහාමි මහත්මා
ආගරතැන්නේ ඩබ්.එම් කළුබණ්ඩාර මුදලාලි මහත්මා
ජම්බුගස් වත්තේ ඩී.එම් තිසාහාමි මහත්මා.