ශිෂ්‍යය ශිෂ්‍යාවන් සඳහා ආචාර ධර්ම පද්ධතිය
01. පෙ.ව 7.30ට පෙර සෑම සිසුවෙක්ම පාසලට පැමිණිය යුතුය.
02. පාසල් සම්ප්‍රදායට අවනත විය යුතුය. පිරිසිදු කිරීම්, රැස්වීම්වලට සහභාගි වීම ආදිය
03. අනවසරයෙන් පාසලෙන් බැහැරව නොයා යුතුය.
04. සිසුන් විශේෂ අවසරයකින් තොරව සිවිල් ඇඳුමින් සැරසිී පන්තියට නොපැමිණිය යුතුයි.
05. සිසුන් අංග සම්පූර්ණ පාසල් නිල ඇඳුමින් යුක්තව පාසලට පැමිණිය යුතුයි. (කොණ්ඩය, රැවුල, කමිසය, සපත්තු, කොණ්ඩ පටි ) ආදිය
06. පාසල් කාලය තුළ පාසල් නිල ඇඳුමට පරිබාහිර පැළඳුම්වලින් සැරසී පාසලට නොපැමිණිය යුතුයි.
07. පාසල් නොපැමිණෙන කල්හි දෙමාපිය අත්සන භාවිත ලිපියකින් නොපැමිණීමට හේතුව දැන්විය යුතුයි.
08. ගුරුභවතුන්ට අකීකරු ලෙස නොහැසිරිය යුතුය.
09. පාසල් කාලය තුළ පාසලෙන් බැහැර කිසිම පුද්ගලයෙක් සමග පරිපාලනයේ අවසරයකින් තොරව සබඳතා පැවැත්විය නොහැක.
10. පරිපාලනයේ අවසරයිකින් තොරව බාහිර කිසිම කෙනෙක් පාසල තුළ නොහැසිරිය යුතුයි.
11. පාසල් කාලවේලාවෙන් පසුව පරිපාලනයේ හෝ ගුරුවරයෙකුගේ අවසරයකින් සහ ආරක්ෂාවකින් තොරව පාසල තුළ රැදී සිටිය නොහැකිය.
12. ළමා අපචාරවලට අදාළ මත්ද්‍රව්‍ය ගැනීම්, දුම් පානය, ප්‍රේම සබඳතා පැවැත්වීම යනාදිය පාසල් සිසුන් අතර කිසිවිට සිදු නොවිය යුතුය
13. පරිපාලනයේ අණ කිසිවිටක පැහැර නොහැරිය යුතුය.
14. ශිෂ්‍යයෙක් පාසලේ කීර්තියට හානිවන පරිදි කිසිම විටක දී නොහැසිරිය යුතුය.
15. විදුහලේ ශිෂ්‍ය ආචාර ධර්ම පද්ධතියට ගරු කළ යුතුය.
16. අස්වීම් සහතික ලබා ගැනීම අනිවාර්යෙන්ම පාසලට භාරදුන් භාරකරු සමඟ පැමිණිය යුතුය.